සිංහළ Joke

දෙන්නම බීරි

දවසක් රජබිසව අන්දරේට කියනවා අන්දරේඋඹනම් හැමදාම මාලිගාවට එනවා උඹේමායියා කවදාවත් ඇවිත් නෑ නේද? හෙට එනකොටඇයත් එක්ක එන්න ඕනෑ තේරුණාද?”
එතකොට අන්දරේ
දේවියනි ඇය එක්ක එන්න නම් බැරියැ ඇගේ කන් ඇහෙනවා මදිනෙව බොහෝම සද්දෙන් කතාකරන්න පුළුවන්නම් මම ඇය එක්ක එන්නම්

ඒගැන මම බලාගන්නම් උඹැහැ එක්ක වරෙන්කො

ඉන්පස්සෙ අන්දරේ ගෙදර ගෙහුන් බිරිදට මොනවද කියන්නෙ
උඹව බලන්න කැමත්තෙන් ඉන්නවා බිසවුන් වහන්සේ හැබැයි එතුමියගෙ කන් ඇහෙනවනම් අඩුයි ටිකක් හයියෙන් කතා කරන්ට ඕනෑ
බිරිඳත් හා කියලා කිව්වා

කොහොමින් කොහොම හරි පහුවදා අන්දරේ රජවාසලට යනකොට මායියාවත් එක්කන් ගියා. අන්දරේගෙ භාරියාව දැක්ක බිසව
හා…………..කොහෝ………මද………..සැප……සා……..නී………පයැයි සද්දෙන් ඇහුවා.

හා…………..නේ……………….දෙයියෝ……………………බුදුවන්ට…..වරදක්………..නෑ………………………..

කන්ඇහෙන්නැති නිසා සද්දෙන් කතාකරනවා ඇති කියලා දෙන්නම හිතුවා. ටිකෙන් ටිකසද්දෙ වැඩිකරමින් කරන මේ කතාව කාලගෝට්ටියක් වගේ මුළු මාලිගාවටම ඇහුනා.රජතුමාද පැමිණ මේ පුදුමය බලා හිනා නොවීසිටියත් අන්දරේ හිනාව නවත්තගන්නබැරිව අත් දෙකින් මූණ ව‍හගෙන ඉන්නවා.

ටික වෙලාවක් ගියාට පස්සෙදෙන්නා තේරුම් ගත්තා මේක අන්දරේගෙ වැඩක් බව.ලජ්ජාවට පත්වුණු බිසවුන්වහන්සෙ මාලිගය ඇතුලට ගියා. අන්දරේගෙ බිසව තරහෙන්බැණ බැණ ගෙදරගියා.

පස්සෙරාජකාරි අහවර වෙලා අන්දරේ හවස ගෙදරගියා කියමුකො. තමා ලජ්ජාවට පත් කලනිසාකීපවිඩක් කතාකලත් මායියා ගෙදර දොර ඇරියෙ නෑ. ‍අන්දරේ මේකට හොදඋපායක්කල්පනා කොරා. පස්සෙ මොකද කරන්නෙ විශාල ගලක් ඔසවාගෙන ඇවිත්ගේපිටිපස්සෙතියෙන ලිඳට දැම්මා. ඒ සද්දෙ ඇහුනු අන්දරේගෙ බිරිඳ හිතුවෙඅන්‍දරේ ලිඳටපැන්නා කියලා ඉක්මණට දොර ඇරගෙන ලිඳ ලඟට ගියා. මේ අතර අන්දරෙ‍ගෙට පැනලා දොරවහගත්තා. දොර ඇරියෙ පහුවදා පාන්දරලු.

මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.

කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු “ඇම්ඩ අයියේ වෙලාව කීයද ?” කියල.

“මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ” කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු. LaughYes4lo

හෝටල් බිල

මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ….
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
බිලේ $ 500 ක් කියලා තිබ්බේ ….මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

කාන්තාව – මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..

කැෂියර් – ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

කාන්තාව – ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

කැෂියර් – ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් – තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters…

කාන්තාව – අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

කැෂියර් – ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

කැෂියර් – නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

කාන්තාව – නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

කැෂියර් – අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..

කාන්තාව – ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ….

ඕං සීයේ මගේ වැඩ


ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.

මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.

දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට “සීයේ…. මේ… කකුල් නැහැ..” යනුවෙන් මොරදෙමිනි.

දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට “සීයේ.. සීයේ… මේ… අත් නැහැ..” ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.

ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්, දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට “සීයේ. සීයේ.. සීයේ… මේ… අත්, කකුල් එකක් වත් නැහැ..” යනුවෙන් හඩතලමිනි.

සංදර්ශණයෙන් විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා, මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.

“මොකො කොළුවෝ උනේ ? ”

“අය්යෝ සීයේ…..” හොටු පෙරමින් කොළුවා තතැනුවා.

“ඇයි…ඇයි මොකක්ද උනේ කියාපිය.?”

“දත් නැහැ” ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.

කතා ටික හොදයි නම් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න

  1. #1 by UpaliHR on 2013 සැප්තැම්බර් 19 - ප.ව. 4:56

    මේක විතරයිද ජෝක්ස් වලට තියෙන්නේ ?

  2. #2 by dulo on 2014 ජනවාරි 3 - ප.ව. 8:14

    anthima kathawanam hondai.

  3. #3 by aneesha on 2014 ජනවාරි 29 - පෙ.ව. 9:48

    වල්‍ ෙජා්ක් ටිකක් ෙදන්නෙකා්. ෙම්වත් ෙහාදයි.

  4. #4 by thoshini on 2014 ජූනි 4 - පෙ.ව. 7:46

    anthima 1a withrai honda

ලබාදෙන්නකෝ ප්‍රතිචාරයක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )